බ්‍රිතාන්‍යය මෙහෙයවීමට සුදුසුම පුද්ගලයා තමන් බව අගමැති කීර් ස්ටාර්මර් (Keir Starmer) අවධාරණය කළද, ඔහුගේම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට එරෙහිව ප්‍රසිද්ධියේ හඬ අවදි කර තිබේ. ස්ටාර්මර්ගේ හිටපු නියෝජ්‍ය නායිකා ඇන්ජෙලා රේනර් (Angela Rayner) පවසා ඇත්තේ “අප කරන දේ සාර්ථක නොවන බවත්, මෙය අවසාන අවස්ථාව විය හැකි බවත්” ය.
දැනට ලේබර් පක්ෂයේ (Labour Party) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30කට අධික පිරිසක් නායකත්ව වෙනසක් ඉල්ලා සිටින අතර, කැබිනට් අමාත්‍යවරයෙකුට ඔහුට එරෙහිව ඉදිරිපත් වන ලෙසද එක් මන්ත්‍රීවරයෙකු යෝජනා කර ඇත. මෙම විවේචන හමුවේ “රට අවුලක හෙළා තමන් ඉවත් නොවන” බව ප්‍රකාශ කළ ස්ටාර්මර්, අද දින ද යළිත් කියා සිටියේ තමන් තවමත් රට මෙහෙයවීමට සුදුසුම පුද්ගලයා බවයි.















