සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) අතර ඇතිවීමට නියමිත බව කියන දේශපාලන සන්ධානය දැඩි ලෙස විවේචනය කරමින් ජාතික ජන බලවේගයේ (NPP) ක්‍රියාකාරී චේනක අබේසිංහ මහතා අදහස් දක්වා තිබේ. පසුගිය කාලය පුරා “නයි සහ මුගටියන්” මෙන් වෛරයෙන් බෙදී සිටි පිරිසක් හදිසියේ මෙලෙස එකතු වීමට උත්සාහ කරන්නේ කුමන පදනමකින් දැයි ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පසුගිය කාලයේ එල්ල වූ ප්‍රධානතම චෝදනාව වන “මහ බැංකු බැඳුම්කර වංචාව” සම්බන්ධයෙන් විපක්ෂය දැරූ ස්ථාවරය පිළිබඳව ඔහු කරුණු පෙන්වා දුන්නේය. “එදා රනිල් වික්‍රමසිංහ හොරෙක් කියා පන්නන්න හදපු අය, දැන් ඔහු සමඟ එකතු වෙන්නේ ඒ චෝදනාවලින් ඔහු දැන් නිදහස් නිසාද?” යනුවෙන් අබේසිංහ මහතා විමසා සිටියේය. ජනතාව මුළා කරමින් බලය ලබා ගැනීම සඳහා සිදුකරන මෙවැනි “අවස්ථාවාදී දේශපාලන සන්ධාන” වලට ජනතාව නිසි පිළිතුරු ලබා දෙනු ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














