මාලදිවයිනේ විලා නෝටිකා (Villa Nautica) පරිශ්‍රයේදී ඊයේ (11) ආරම්භ වූ 21 වන ආසියානු මාධ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (12) දිවයිනෙන් බැහැරව යාමට නියමිතය. ලබන 14 වනදා දක්වා පැවැත්වෙන මෙම සමුළුව සඳහා ආසියානු කලාපයේ රටවල් රැසක් නියෝජනය කරමින් ප්‍රතිපත්ති සම්පාදකයින් සහ මාධ්‍ය වෘත්තිකයින් විශාල පිරිසක් එක්ව සිටිති.
මෙම සමුළුවට බංග්ලාදේශ තොරතුරු හා විකාශ අමාත්‍යවරයා, බිම්ස්ටෙක් (BIMSTEC) සහ සාක් (SAARC) සංවිධානවල මහලේකම්වරුන් ඇතුළු කලාපීය නායකයින් රැසක් සහභාගී වේ. සමුළුවේ හතරවන සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතව ඇත්තේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසිනි. එහිදී මාධ්‍ය ප්‍රතිපත්ති, මහජන තොරතුරු ප්‍රචාරණය, මාධ්‍ය වෘත්තීයභාවය සහ මහජන අවශ්‍යතා උදෙසා සන්නිවේදන වගකීම් යන තේමාවන් යටතේ ඒ මහතා කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ආසියානු කලාපයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග සහ අනාගත ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි.














