ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටි අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත්, ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ අවදානමක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉදිරි දින කිහිපය තුළ කාලගුණික තත්ත්වය වෙනස් විය හැකි බැවින් අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය වේ.














