රට තුළ දැනට පවතින පොලිස් ස්ථාන සංඛ්‍යාව අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක පවතින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටියි. අද (12) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පොලීසි ප්‍රමාණය වැඩි වී ඇති බැවින් ඉන් යම් ප්‍රමාණයක් වසා දැමීමට ද අදහස් කරන බවයි.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඇති වූ මෙම සාකච්ඡාවට පාදක වී ඇත්තේ ස්වභාවික ව්‍යසනයකින් හානියට පත්වූ බෝයවලාන පොලිස් ස්ථානය සඳහා විකල්ප ඉඩමක අවශ්‍යතාව පෙන්වා දීමයි. එම අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.














