අද (12) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයන් හි මිශ්‍ර හැසිරීමක් දක්නට ලැබුණු අතර ප්‍රධාන මිල දර්ශකවල සැලකිය යුතු වෙනස් වීමක් දිනය අවසානයේ දී දක්නට නොවීය. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 3.60කින් ඉහළ ගොස් තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 5.71කින් පහළ ගොස් තිබුණි.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,015.32ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 6,294.31ක් ලෙසත් සටහන් විය. අද දින ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 3.66ක් ලෙසින් වාර්තා වේ.














