ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දීප්ති වාසලගේ මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ ජයන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මධ්‍යම පළාත් කොමසාරිස් කේ.ටී.ඩී. වාසලගේ මහතාගේ මස්සිනා ද වේ.
ජයන්ත වර්ණකුලසූරිය මහතාගේ දේහය අංක 2/1 සී (2 කණුව), අයිතාලියද්ද පාර, මාතලේ යන ලිපිනයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) සවස 5.00ට මාතලේ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබේ.















