යුරෝපා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ඩබ්ලින් ෆ්‍රැන්චයිස් කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගැනීමට ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් සමත්ව තිබේ. ඔහු විසින් මිලදී ගනු ලැබූ මෙම නව කණ්ඩායම “ඩබ්ලින් ගාඩියන්ස්” (Dublin Guardians) ලෙස නම් කර ඇති බව වාර්තා වේ.
මෙම ක්‍රිකට් තරගාවලිය ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සැලසුම් කර ඇති අතර, ඒ සඳහා කණ්ඩායම් හයක් තරග වැදීමට නියමිතය. ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු ලෙස ප්‍රකට රාහුල් ඩ්‍රාවිඩ් මෙලෙස කණ්ඩායම් හිමිකාරීත්වයට පිවිසීම ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශේෂ අවධානයට ලක්ව ඇත.















