යුරෝපා ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ ඩබ්ලින් ෆ්‍රැන්චයිස් කණ්ඩායමේ සම හිමිකාරීත්වය ලබා ගැනීමට ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රාහුල් ඩ්‍රාවිඩ් හිමිකාරීත්වය දැරීමට නියමිත මෙම කණ්ඩායම “ඩබ්ලින් ගාඩියන්ස්” (Dublin Guardians) ලෙස නම් කර ඇත.කණ්ඩායම් හයක් තරග වැදීමට නියමිත මෙම යුරෝපා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන අගෝස්තු මාසයේදී පැවැත්වීමට මේ වන විට සැලසුම් කර තිබේ.















