පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් සිය ඉදිරි දේශපාලන ස්ථාවරය සහ රට පිළිබඳ දැක්ම ප්‍රකාශ කර තිබේ. තම පවුලේ කිසිවෙකු මීට පෙර දේශපාලනයට සම්බන්ධ වී නොමැති බවත් තරුණ වියේ සිටම ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් බවට පත් කිරීමේ අරමුණින් තමන් දේශපාලනයට පිවිසි බවත් ඔහු එහි සඳහන් කර ඇත
තමන් පටු වාසි වෙනුවෙන් දේශපාලන තීරණ නොගන්නා බවත් මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන කඳවුරෙන් ඉවත් වීමේ කිසිදු අදහසක් නොමැති බවත් ඔහු පවසයි. එමෙන්ම අනාගතයේදී එම කඳවුරට නායකත්වය ලබා දීම දක්වා තම ගමන ඉදිරියට ගෙන යන බවද ඔහු සඳහන් කරයි. වත්මන් ආණ්ඩුවට දූරදර්ශී ආර්ථික දැක්මක් නොමැති බවත් ලෝකයට විවෘත නොවූ ප්‍රතිපත්ති හරහා රට ගොඩනැගිය නොහැකි බවත් ඔහු චෝදනා කරයි. ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් තමන් කිසිදු සාකච්ඡාවක් කර නොමැති බවත් සමගි ජන බලවේගය තුළ ගැටලු ඇති කිරීමේ අරමුණින් ඇතැම් පාර්ශව මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවන බවත් ඔහු අවධාරණය කරයි. රටේ ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් ආණ්ඩුවට එරෙහි සටන තවදුරටත් ශක්තිමත් කරන අතරම අවශ්‍ය මොහොතක රට වෙනුවෙන් ඕනෑම භාරදූර අභියෝගයක් භාර ගැනීමට තමන් සූදානම් බව හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා තිබේ.
















