කඳාන පොලිස් වසමට අයත් ගංගොඩ ප්‍රදේශයේදී ඊයේ (12) පෙරවරුවේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ. මෙම වැටලීමේදී නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් හෙවත් බෝතල් 100කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරු ගංගොඩ, කඳාන ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.
















