කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (12) රාත්‍රී කාලයේදී මරදාන පොලිස් වසමේ ආර්. ආර්. විජේලර්ධන මාවත ප්‍රදේශයේදී විශේෂ වැටලීමක් සිදු කර තිබේ. මෙම වැටලීමේදී තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 1200ක ප්‍රමාණයක් සමඟ 54 හැවිරිදි චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටි අයෙකු බවට ද අනාවරණය වී තිබේ. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මරදාන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි














