කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල, පොල්ගහමුල්ල ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද (13) පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ පොල්ගහමුල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාව අසලදීය.
අනතුර සිදුවන අවස්ථාවේදී පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථය අම්බලන්තොට දෙස සිට ධාවනය වෙමින් තිබී ඇති අතර ලංගම බස් රථය කතරගම දෙසට ධාවනය වෙමින් තිබී ඇත.














