වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ වත්මන් රජය සිදු කර ඇති විදුලි ගාස්තු සංශෝධනය මගින් මෙරට අති බහුතරයක් පාරිභෝගික ජනතාවට උපරිම සහනයක් ලබා දී ඇති බවයි. පසුගිය කාලසීමාවන් තුළ විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ජනතාව, ස්වයං රැකියාවල නියුතු පිරිස් සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් දැඩි ආර්ථික පීඩනයකට ලක් වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. පෙර පැවති රජයන් මෙන් නොව, වත්මන් පාලනය විදුලි ගාස්තු සම්බන්ධයෙන් සහනදායී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
















