• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දකුණු ඇමරිකාවෙන් ඇරඹී යුරෝපයම භීතියට පත් කළ අලුත්ම වෛරසය සුඛෝපභෝගී නෞකාවකින් මරණ තුනක් වාර්තා වෙයි

13 May 2026
in පුවත්, විදෙස්
දකුණු ඇමරිකාවෙන් ඇරඹී  යුරෝපයම භීතියට පත් කළ  අලුත්ම වෛරසය සුඛෝපභෝගී නෞකාවකින් මරණ තුනක් වාර්තා වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ලෝකයම යළිත් වරක් භීතියෙන් සලිත කරවමින් දකුණු ඇමරිකානු කලාපයෙන් ව්‍යාප්ත වූ “හැන්ටා” වෛරසයේ අතිශය භයානක “ඇන්ඩීස්” ප්‍රභේදය හේතුවෙන් යුරෝපා රටවල් රැසක දැඩි සෞඛ්‍ය අවදානමක් මතුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් දැනුම් දෙයි. දකුණු ඇමරිකානු කලාපයේ සංචාරය කළ “එම්.වී. හොන්ඩියස්” සුඛෝපභෝගී සංචාරක නෞකාව තුළින් දැනටමත් ස්ථිර කළ ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් තිදෙනෙකු මේ වන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. සාමාන්‍යයෙන් මීයන්ගෙන් බෝ වුවද මෙම “ඇන්ඩීස්” ප්‍රභේදය මිනිසාගෙන් මිනිසාට ශ්වසන බින්දු මගින් සෘජුවම පැතිර යා හැකි බැවින් මෙම තත්ත්වය අතිශය භයානක මුහුණුවරක් ගෙන තිබේ.
වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නෞකාවේ සිටි අවසන් මගීන් පිරිසද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්පාඤ්ඤයේ කැනරි දූපත්හි දී ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර ඔවුන් මැඩ්‍රිඩ් නුවර විශේෂිත හමුදා රෝහල් සහ අධි-ආරක්ෂිත නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ. මෙම වෛරසයේ පවතින සුවිශේෂීත්වය වන්නේ රෝග ලක්ෂණ මතු වීමට දින 42ක් වැනි දීර්ඝ කාලයක් ගත වීම වන අතර එම කාල පරාසය තුළ වෛරසය රහසිගතව තවදුරටත් පැතිර යාමේ දැඩි අවදානමක් පවතී. මේ හේතුවෙන් ඉදිරි දිනවලදී යුරෝපය පුරා නව ආසාදිතයන් වාර්තා වීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ගෙබ්‍රෙයීසස් මහතා අවධාරණය කරන්නේ මෙම වෛරසයේ ස්වභාවය අනුව ඉදිරි සති කිහිපය ගෝලීය සෞඛ්‍ය පද්ධතියට අතිශය තීරණාත්මක වනු ඇති බවයි. වසංගත තත්ත්වයන් පිළිබඳව ලොවම අවධානයෙන් සිටින යුගයක මිනිසාගෙන් මිනිසාට වේගයෙන් පැතිරෙන මෙම නව ප්‍රභේදය හමුවේ කිසිදු රටකට සුළුවෙන් තැකීමට ඉඩක් ඉතිරි වී නැත. ස්වයං ආරක්ෂාව සහ පූර්ව සූදානම පමණක්ම මෙම මාරාන්තික වෛරසයෙන් බේරීමට ඇති එකම මඟ බවට පත්ව ඇති අතර මෙම අනතුර අසලටම පැමිණෙන තෙක් බලා නොසිටීම ඔබේත් ඔබේ ආදරණීයයන්ගේත් ජීවිත සුරක්ෂිත කරනු ඇත.
Post Views: 5
Previous Post

විදුලි බිල වැඩි වන්නේ 5%කට පමණයි

Next Post

දඹුල්ලේදී ත්‍රී රෝද රථයක් මතට ගසක අත්තක් කඩා වැටී

Editor TTV News

Editor TTV News

Next Post
දඹුල්ලේදී ත්‍රී රෝද රථයක්  මතට ගසක අත්තක් කඩා වැටී

දඹුල්ලේදී ත්‍රී රෝද රථයක් මතට ගසක අත්තක් කඩා වැටී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved