තමන් කිසිදු අවස්ථාවක ලක්ෂ 12ක මුදලකට Vitz මාදිලියේ මෝටර් රථ ලබාදෙන බවට ප්‍රකාශයක් සිදු නොකළ බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා අවධාරණය කර සිටියි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් සිදු කරන්නේ ‘පිස්සන්’ බව පවසන අමාත්‍යවරයා, මන්ත්‍රීවරුන් 159 දෙනෙකුට හිමිවන වාහන බලපත්‍රය ලබා ගත්තේ නම් ඉන් එක් අයෙකුට පමණක් රුපියල් කෝටි 7ක මුදලක් උපයා ගත හැකිව තිබූ බවද පෙන්වා දී තිබේ. වත්මන් දේශපාලන සන්දර්භය තුළ ජනතාව මුලා කිරීමට මෙවැනි ව්‍යාජ පුවත් නිර්මාණය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
















