රුපියල් හාර කෝටි තිස් අට ලක්ෂ අනූ දහසක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ 29 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකු අද (13) දින අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර් වේස් ගුවන් සේවයට අයත් ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි මොහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක පැකට් 04ක් ලෙස අසුරා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 389ක ප්‍රමාණයක් මෙලෙස සොයාගැනීමට හැකි විය. අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.
















