දිවයිනට බලපෑ ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවට ආසන්නව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව ඇතුළු පළාත් කිහිපයකට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව, යම් හදිසි ආපදා තත්ත්වයකදී සහාය ලබා ගැනීම සඳහා 117 හදිසි දුරකථන අංකය හෝ අදාළ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය ඇමතීමට මහජනතාවට හැකියාව පවතී.
















