මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ මෙන්ම ක්‍රීඩා පරිපාලනය තුළ ද කීර්තිමත් නාමයක් දිනා සිටි ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයෙකු වූ ප්‍රේමා පින්නවල මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 88 හැවිරිදි වියේ පසුවූ බව වාර්තා වේ. 1983 වසරේදී ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් ධුරයට පත් ඔහු වසර 15ක දීර්ඝ කාලයක් එම තනතුරේ සේවය කරමින් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත. මීට අමතරව 1988 වසරේදී මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ධුරයට පත්වෙමින් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කැපවූ පින්නවල මහතා, 2023 වසරේදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ක්‍රීඩා පරිපාලන කටයුතුවලින් ඉවත් වන තෙක්ම සක්‍රීයව සේවය කළ නිලධාරියෙකි.
















