බදාදා දිනයට සාපේක්ෂව අද (14) මෙරට වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ඇතැම් වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 330 සීමාව දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
සෙලාන් බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතයන්ට අනුව, ඇමෙරිකානු ඩොලරයක මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 318.25 සිට රුපියල් 321.75 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම එහි විකුණුම් අනුපාතය රුපියල් 326.50 සිට රුපියල් 330.50 දක්වා ඉහළ ගොස් ඇති බවද සඳහන් වේ. රුපියල මෙලෙස අවප්‍රමාණය වීම හමුවේ ඩොලරයේ අගය අලුත් ඉහළ සීමාවකට පැමිණ තිබේ.
















