පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කළු ගඟේ උප ගංඟා ද්‍රෝණි වන මඟුරු ගඟේ සහ කුඩා ගඟේ ජල මට්ටම් අවධානය යොමු කළ යුතු මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අනුව මඟුරු ගඟ මඟුර ප්‍රදේශයෙන් ද, කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ද ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර පවතින වර්ෂාවත් සමඟ ප්‍රධාන ජලාශ 73න් 18ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාර්තා වේ. කෙසේ වෙතත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පවතින වර්ෂාපතනය අධි ගංවතුර තත්ත්වයක් හෝ ප්‍රධාන ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි.















