අම්බලන්තොට, මාමඩල, මොකුටු යාය ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් වයි.ආර්.බී. නෙළුම්දෙනිය මහතා අද (2026 මැයි 14) නියෝග කළේය. අදාළ ඝාතනය නිවසක් තුළදී සිදුකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














