ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමත අකියෝ මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර පැවති විශේෂ හමුවකදී, මෙරට ධීවර ක්ෂේත්‍රය නවීකරණය සඳහා ජපානයේ සහයෝගය ලබාදෙන බව යළිත් තහවුරු කර තිබේ. උසස් තාක්ෂණය හඳුන්වාදීම සහ නවෝත්පාදන පාදක කරගත් සංවර්ධන ව්‍යාපෘති මගින් ධීවර කර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීමට සහය වීමට ජපාන රජය සූදානම් බව තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත. අමාත්‍යවරයාගේ ඉදිරි සංවර්ධන සැලසුම් සහ සාගර සම්පත් තිරසාර ලෙස පරිහරණය කිරීමේ උපාය මාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර, දෙරට අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.














