සුන්බුන් විපක්ෂයක් ලෙස හඳුන්වමින් එම විපක්ෂයේම සාමාජිකයන් ආණ්ඩුවට බඳවා ගන්නේ කෙසේදැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රශ්න කළේය. ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය තුළ පැහැදිලි පරස්පරතාවක් පවතින බව ඔහු සඳහන් කළේය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරුන්ට දිගින් දිගටම දොස් පැවරුවද වර්තමාන ජනාධිපතිවරයා තමන් අසලට ගෙන ඇත්තේ හිටපු ජනාධිපතිවරුන් යටතේ සේවය කළ උපදේශකයන්ම බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














