2024 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතා වරදකරු කර තිබේ. ඒ අනුව ඔහුට බරපතළ වැඩ සහිත වසර 6ක සිර දඬුවම් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) තීන්දු කළේය.
මීට අමතරව රුපියල් මිලියන 3ක දඩයක් ද විනිසුරු මඩුල්ල විසින් නියම කරන ලද අතර, එම දඩ මුදල ගෙවීම පැහැරි හැරියහොත් තවත් අමතර වසරක සිර දඬුවමක් නියම කරන බව නඩු තීන්දුවේ සඳහන් වේ. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.














