ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකි බවටත්, හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව පැවතිය යුතු බවටත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂි ජින් පිං එකඟ වී තිබේ. චීනයේ සංචාරයක නිරත වන අමෙරිකානු ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර මෙම විශේෂ සාකච්ඡාව අද බීජිං අගනුවරදී පැවැත්විණි.
සමුද්‍ර සන්ධිය හමුදාකරණයට ලක් කිරීම හෝ එය භාවිතය සඳහා බදු පැනවීමේ උත්සාහයන්ට චීන ජනාධිපතිවරයා සිය විරෝධය පළ කළ බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. මීට අමතරව, තායිවාන ගැටලුව චීන – අමෙරිකානු සබඳතාවයේ ඇති වැදගත්ම කරුණක් බව චීන ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.














