දිවයිනට බලපා ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. හෙට (16) උදෑසන දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකිය. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින මෙම පද්ධතිය ඉදිරි පැය 36 තුළ දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳව දැඩි සැලකිල්ලකින් පසුවන ලෙස මහජනතාවට දැනුම් දී ඇත.














