කළු ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉදිරි පැය 48 ඇතුළත බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර යාම හේතුවෙන් අවට ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මේ නිසා එම ප්‍රදේශවල පදිංචි ජනතාව සහ වාහන පදවන්නන් දැඩි සැලකිල්ලෙන් පසුවිය යුතු අතර, අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙත ද දැනුම් දී ඇත.















