හෝමාගම, පිටිපන ප්‍රදේශයේ වෙල්යායක් අසල පිහිටි ළිඳක තිබී යුද හමුදා සෙබළෙකුගේ සිරුරක් අද (15) සොයාගෙන තිබේ. මියගොස් ඇති පුද්ගලයා යුද හමුදා සේවයට අමතරව කුලී පදනම මත ත්‍රීරෝද රථ ධාවනය කරන්නෙකු බව වාර්තා වේ.
පෙරේදා (13) රාත්‍රියේ කුලී ගමනක් ගිය තම සැමියා යළි නිවසට නොපැමිණි බවට ඔහුගේ බිරිඳ විසින් මීගොඩ පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණි. සිරුර හමුවූ ස්ථානය අසලම ඔහු පදවාගෙන ගිය ත්‍රීරෝද රථය ද දමා ගොස් තිබියදී හමුවී ඇත. මෙම මරණය සැකකටයුතු බවට පොලිසිය සැක කරන අතර, හෝමාගම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.














