ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර හෙට (16) ආරම්භ වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු දූත පිරිස අද (15) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. මැයි 22 දක්වා දින හතක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේදී, අමාත්‍යවරයා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපීය සමුළුවේ සභාපතිවරයා ලෙස ද සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබයි.
මැයි 18 වන දා ප්‍රධාන සමුළුව ඇමතීමට නියමිත අමාත්‍යවරයා, සමුළුවට සමගාමීව භූතානය, තායිලන්තය සහ බංග්ලාදේශය වැනි රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නිපොන් පදනම වැනි ජාත්‍යන්තර සංවිධාන සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇත. මෙම නිල සංචාරය සඳහා අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටිති.














