චීන සංචාරය නිමා කරමින් බෙයිජිං නුවරින් පිටත්ව යාමට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් සිය දැඩි ස්ථාවරය යළිත් වරක් ප්‍රකාශ කර තිබේ. ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය සම්බන්ධයෙන් සිය ඉවසීම මේ වන විට සීමාව ඉක්මවා යමින් පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, පවතින අර්බුදය සමනය කරගැනීමට නම් ඉරානය වහාම එකඟතාවකට පැමිණිය යුතු බව අවධාරණය කළේය. මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව මෙන්ම විශේෂයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකෙරෙන බලශක්ති සැපයුමට එල්ල වන බාධා වැළැක්වීම සඳහා චීනයේ සහයෝගය ද අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී අපේක්ෂා කළේය. කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් දෙරටේ නායකයින් අතර පැවති සාකච්ඡාවලදී මෙම කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.














