හම්බන්තොට මහ රෝහලේ සේවාවන් තවදුරටත් පුළුල් කරමින්, කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන ගැබ්ගෙල පිළිකා කලින් හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා වූ නව ඒකකයක් අද (15) දින ආරම්භ කෙරුණා. හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්වුණා.ගැබ්ගෙල පිළිකා පූර්ව අවස්ථාවේදීම හඳුනාගෙන, ඇති විය හැකි අවදානම් තත්ත්වයන් වළක්වා ගනිමින් කාන්තා මරණ අවම කිරීම මෙම ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණයි.මෙම ඒකකය නවීන වෛද්‍ය උපකරණවලින් සමන්විත වන අතර, පුහුණු වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලයක සේවය යටතේ මෙහි කටයුතු පවත්වාගෙන යනු ලබනවා.පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය වීමට පෙර එම රෝගී ලක්ෂණ හඳුනා ගැනීමට ඇති හැකියාව නිසා මෙමගින් කාන්තාවන්ට විශාල සහනයක් සැලසෙන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.














