ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට රජය මැදිහත් වී අතුරු කමිටුවක් පත් කිරීමත් සමඟ උද්ගත වූ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණීමට නියමිතය. මෙම නියෝජිත පිරිසට ICC නියෝජ්‍ය සභාපති ඉම්රාන් කවාජා (Imran Khwaja) සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ICC නියෝජ්‍ය සභාපතිවරයා අද (15) රාත්‍රියේ දිවයිනට පැමිණෙන අතර, සෙසු නියෝජිත පිරිස හෙට (16) පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදුවීම සම්බන්ධයෙන් ICC ආයතනය මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනු ඇති අතර ඒ පිළිබඳව මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට ද නියමිතය.
















