තෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සංචාරය සාර්ථකව අවසන් කරමින් අද (15) පස්වරුවේ බෙයිජිං නුවරින් පිටත්ව ගොස් තිබේ.
මෙම සංචාරය අවසන් කිරීමට ප්‍රථම, බෙයිජිං නුවර Zhongnanhai හිදී චීන ජනාධිපති ෂී ජින්පිං සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර තවත් කෙටි සුහද පිළිසඳරක් පවත්වා ඇති බව වාර්තා වේ. වසර 9කට පසු අමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ සිදුකළ මෙම පළමු සංචාරය හරහා දෙරට අතර ආර්ථික, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් විය.
ඉහළ පෙළේ ව්‍යාපාරික නායකයින් පිරිසක් ද සමඟ පැමිණි මෙම සංචාරය ලෝක දේශපාලන කරළියේ දැඩි අවධානයක් දිනාගත් තීරණාත්මක සිදුවීමක් ලෙස සැලකේ.














