චීන ජනාධිපති ෂී ජින්පිං සමඟ පැවැත්වූ තීරණාත්මක සාකච්ඡාවලින් අනතුරුව, තායිවානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් මධ්‍යස්ථ (Neutral) ස්ථාවරයක් අනුගමනය කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Fox News නාලිකාවේ බ්‍රෙට් බේයර් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ. යුධමය ගැටුම් මගහරවා ගැනීම සිය මූලික අරමුණ බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.
තායිවානය සඳහා අනුමත කිරීමට නියමිතව තිබූ ඩොලර් බිලියන ගණනක ආයුධ ඇණවුම් සම්බන්ධයෙන් ට්‍රම්ප් සිය අවිනිශ්චිතතාව පළ කර ඇති අතර තමන් ඒවා තවම අනුමත කර නොමැති බවත් ඉදිරියේදී සිදුවන දේ අනුව ඒ පිළිබඳ තීරණයක් ගන්නා බවත් ඔහු පවසා තිබේ. එක්සත් ජනපදයේ නිල තායිවාන ප්‍රතිපත්තිය වෙනස් වී නොමැති බව තහවුරු කළද, යුද්ධයකට පැටලීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
මෙම ප්‍රකාශය හරහා චීනය සමඟ පවතින ආතතිය සමනය කිරීමට සහ ආර්ථික ගනුදෙනුවලට වැඩි ඉඩක් ලබා දීමට ට්‍රම්ප් උත්සාහ කරන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මෙම මධ්‍යස්ථ ස්ථාවරය හේතුවෙන් තායිවානය සහ කලාපීය මිත්‍ර රටවල් යම් නොසන්සුන්තාවයකට පත්ව ඇති අතර, මෙය ඉදිරි කාලයේදී පැසිෆික් කලාපයේ බල තුලනයට තීරණාත්මක ලෙස බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.














