ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍යය අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම අරමුණු කරගනිමින් දෙරට අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. මෙම සුවිශේෂී එකඟතාවයට එළඹුණේ අමාත්‍ය විජිත හේරත් මහතා මේ දිනවල බෙලරුස් රාජ්‍යයේ සිදු කරන නිල සංචාරය අතරතුරදීය.
බෙලරුස් අධ්‍යාපන අමාත්‍ය ඒ. අයි. ඉවානෙට්ස් (A.I. Ivanets) මහතා සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම ගිවිසුමට අත්සන් තැබුණු අතර, ඒ සඳහා බෙලරුස් රජයේ ප්‍රවාහන, කෘෂිකර්ම සහ කර්මාන්ත යන ක්ෂේත්‍ර නියෝජනය කරන අමාත්‍යවරුන් සහ උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ. මෙම ගිවිසුම හරහා දෙරටේ විශ්වවිද්‍යාල අතර ශිෂ්‍ය හුවමාරු වැඩසටහන්, ඒකාබද්ධ පර්යේෂණ සහ අධ්‍යාපනික පුහුණු අවස්ථා පුළුල් කිරීමට අපේක්ෂිතය. විශේෂයෙන්ම කෘෂිකර්ම, කර්මාන්ත සහ සන්නිවේදන වැනි ක්ෂේත්‍රවල තාක්ෂණික දැනුම බෙදාහදා ගැනීමට මෙම නව සබඳතාවය මගින් වැඩි අවකාශයක් හිමිවනු ඇත.














