නීති විරෝධී මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ දිවයින පුරා ක්‍රියාත්මක මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. පසුගිය පැය කිහිපය තුළ ප්‍රදේශ කිහිපයකදී සිදුකළ වැටලීම්වලදී මත්කුඩු සහ නීති විරෝධී මත්පැන් තොග සමඟ සැකකරුවන් පිරිසක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
ගම්පහ, පෙතියාගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 204ක් ළඟ තබාගෙන සිටි 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගම්පහ පොලිසියට භාර දී තිබේ. මේ අතර, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් වැලිසර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ 40 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමතරව, හලාවත කුරුස්සපාඩුව වැල්ල ප්‍රදේශයේදී ද නීති විරෝධී මත්පැන් ලීටර් 70ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව ඉදිරියටත් මෙවැනි වැටලීම් දැඩි කිරීමට පියවර ගෙන ඇත.














