අද (19) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රජයේ මැති ඇමතිවරුන් අතර දැඩි උණුසුම් විවාදයක් ඇති විය. වත්මන් රජය බලයට පත්වීමට පෙර ලබා දුන් මැතිවරණ පොරොන්දු සිහිපත් කළ විපක්ෂ නායකවරයා, රුපියල් ලක්ෂ 12කට ‘විට්ස්’ (Vitz) වර්ගයේ මෝටර් රථයක් මිලදී ගැනීමට හැකි වන බවට ප්‍රකාශ කළ පොරොන්දුවට සිදු වූයේ කුමක්දැයි ප්‍රශ්න කර සිටියේය.
එමෙන්ම, රටේ සාමාන්‍ය පුරවැසියෙකුට මසකට ජීවත් වීමට රුපියල් 16,690ක මුදලක් ප්‍රමාණවත් බවට කෙරෙන ගණනය කිරීම් සහ ප්‍රකාශ පිළිබඳව ද මෙහිදී දැඩි විවේචන එල්ල විය. භාණ්ඩාගාරය පිරී ඇති බවත් රටේ ආදායම ඉහළ ගොස් ඇති බවත් රජය ප්‍රකාශ කළ ද, ජනතාව මත තවදුරටත් බදු බර පටවමින් ඉන්ධන මිල ඉහළ දැමීමට සූදානම් වන්නේ ඇයිදැයි විපක්ෂ නායකවරයා මෙහිදී අභියෝග කළේය. රජයේ ආදායම් වාර්තා සහ ජනතාව මුහුණ දෙන සැබෑ ආර්ථික පීඩනය අතර පවතින පරස්පරතාවය හේතුවෙන් අද දිනයේ සභාවේ කටයුතු බෙහෙවින් උණුසුම් මුහුණුවරක් ගත්තේය.














