ජිනීවා නුවරදී ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික මහා මණ්ඩල සැසියේදී, එහි ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් (Tedros Adhanom Ghebreyesus) ලොව පුරා සෞඛ්‍ය අමාත්‍යවරුන් වෙත දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ මාරාන්තික ‘හන්ටා’ (Hanta) වෛරසය සහ ‘ඉබෝලා’ (Ebola) වෛරසය එකවර ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි. විශේෂයෙන්ම කොංගෝ රාජ්‍යයෙන් වාර්තා වන නව ඉබෝලා වෛරස් ව්‍යාප්තිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇති අතර මෙම ද්විත්ව වෛරස් තත්ත්වය ගෝලීය සෞඛ්‍ය පද්ධතියට බරපතළ තර්ජනයක් විය හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් අවධාරණය කළේය.














