ව්‍යාජ සහ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක හෙවත් TIN (Tax Identification Number) අංක ලබාගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. බදු ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී අසත්‍ය හෝ නොමඟ යවන සුළු තොරතුරු සැපයීම බරපතළ වරදක් බව පෙන්වා දෙන එම දෙපාර්තමේන්තුව, පවත්නා නීතිමය ප්‍රතිපාදන ප්‍රකාරව එවැනි පුද්ගලයන් වහාම කොටුකර ගැනීමට සහ ඔවුන්ට එරෙහිව නිසි දඬුවම් පැමිණවීමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කරයි.














