පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය නැවතත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින්, යම් පුද්ගලයකුට දින දෙකකට වඩා උණ පවතින්නේ නම් වහාම සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කරයි.
ලැබී ඇති නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මේ වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 29,589 දෙනෙකු වාර්තා වී ඇති අතර, වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප (High-Risk Zones) 39ක් මේ වන විට හඳුනාගෙන ඇති බවයි. වටපිටාව පිරිසිදුව තබා නොගනිමින් මදුරුවන් බෝවන ආකාරයෙන් පරිශ්‍රයන් පවත්වාගෙන යන පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව කිසිදු තරාතිරමකින් තොරව තදින්ම නීතිමය පියවර ගන්නා බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.














