අයිපීඑල් (IPL) තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරට එක්වීමේ දැඩි තරගයක නිරත වී සිටින කොල්කටා නයිට් රයිඩර්ස් පිල, පෙරේදා රාත්‍රියේ මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව කඩුලු 4ක ජයග්‍රහණයක් වාර්තා කරමින් සිය බලාපොරොත්තු තවදුරටත් ජීවමාන කර ගැනීමට සමත් විය.
තරගාවලියේ 65 වැනි තරගය ලෙස පැවති මෙම තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල තම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 147ක් රැස් කළේය. එම ඉලක්කය හඹා ගිය කොල්කටා නයිට් රයිඩර්ස් පිල කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකක් ඉහළට පැමිණීමට කොල්කටා පිලට හැකි වූ අතර, මේ වන විට ඔවුන් ප්‍රසාද ලකුණු 13ක් ලබා සටහනේ 6 වැනි ස්ථානයේ රැඳී සිටී. තරගාවලියේ ඔවුන් වාර්තා කළ 6 වැනි ජයග්‍රහණය මෙයයි.














