පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් නිසා කටුනායක – මිනුවන්ගොඩ මාර්ගය නයිකන්ද ප්‍රදේශයෙන් ගමනාගමනයට අවහිර වී තිබෙනවා. මෙම මාර්ග තදබදය මඟහරවා ගැනීමට සහ ආරක්ෂිතව ගමන් කිරීමට පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
කොළඹ සිට කටුනායක හරහා කුරුණෑගල අධිවේගී මාර්ගයට ගමන් ගන්නා රථවාහනවලට ජා-ඇල සහ මිනුවන්ගොඩ හරහා ගමන් කළ හැකියි. කුරුණෑගල අධිවේගී මාර්ගයේ සිට කටුනායක හරහා කොළඹ දෙසට පැමිණෙන රථවාහනවලට මිනුවන්ගොඩ සහ ජා-ඇල මාර්ගය ඔස්සේ ගමන් කළ හැකියි. ගම්පහ සිට පැමිණෙන රථවාහනවලට මිනුවන්ගොඩ, සීදූව හරහා මිනුවන්ගොඩ – ජා-ඇල මාර්ගය ඔස්සේ ගමන් කිරීමට අවස්ථාව තිබෙනවා.
අයහපත් කාලගුණයත් සමඟ මාර්ගවල ජලය බැස යාම ප්‍රමාද විය හැකි බැවින්, රථවාහන ධාවනය කිරීමේදී දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ට මතක් කර සිටිනවා.
















