රණවිරු ස්මාරකය අසල සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමට අදාළව, තමන් ඇතුළු පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට ඉඩකඩ ඇති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා එළැඹෙන සඳුදා දින පොලිසිය වෙත පැමිණෙන ලෙස තමන්ට දැනුම් දී ඇති බවත්, එදිනට තමන් පොලිසිය හමුවේ පෙනී සිටින බවත් වීරවංශ මහතා ප්‍රකාශ කළේය. එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ තමන් හෝ තම පිරිස විසින් පොලිස් රාජකාරියට බාධා කිරීමක් සිදු කළේ නම්, එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව තිබූ බවයි. සඳුදා දින පොලිස් පරීක්ෂණවලින් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතව ඇත.
















