6 වන වරටත් අභිමානවත් ලෙස පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් 650කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) අද (23) නිල වශයෙන් නිවේදනය කළේය. මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ සාමාජිකත්වය දරන සියලුම ප්‍රමුඛ රටවල් මෙන්ම අර්ධ සාමාජික රටවල් ද ඇතුළුව ලොව පුරා රටවල් 21කින් ක්‍රීඩකයින් මීට ඇතුළත් වී සිටීමයි.
ක්‍රිකට් ආයතනයේ නිල වාර්තාවලට අනුව, ලියාපදිංචි වී ඇති සමස්ත විදෙස් ක්‍රීඩකයන් අතරින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ පාකිස්තානයෙන් වන අතර එම සංඛ්‍යාව 102කි. ඊට අමතරව බටහිර ඉන්දීය කොදෙව් දූපත් (75), දකුණු අප්‍රිකාව (66), බංග්ලාදේශය (48), නවසීලන්තය (41), ඔස්ට්‍රේලියාව (24), එංගලන්තය (15) සහ ඉන්දියාවෙන් (12) ක්‍රීඩකයින් ලියාපදිංචි වී සිටිති. එමෙන්ම නැඟී එන ක්‍රිකට් කණ්ඩායම් වන ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) වැනි අර්ධ සාමාජික රටවල ක්‍රීඩකයින් ද මීට අයත් වේ.
ලියාපදිංචි වී ඇති මෙම 650කට අධික ක්‍රීඩකයන් පිරිස අතරින් විශේෂ ඇගයීම් ක්‍රියාවලියකින් (Screening) පසුව අවසන් වටය සඳහා සුදුසුකම් ලබන ක්‍රීඩකයන් 310 දෙනෙකු පමණක් තෝරා ගැනීමට නියමිතය. එම පිරිස එළැඹෙන ජුනි මස 01 වැනිදා පැවැත්වීමට නියමිත LPL නිල ක්‍රීඩක කෙටුම්පත (Player Draft) සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත. මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළැඹෙන ජූලි 17 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.














