වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත් කිරීම සඳහා සිදු කෙරෙන මැදිහත්කරණ උත්සාහයන්හි සුවිශේෂී ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio) ප්‍රකාශ කර තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, දෙරට අතර පවතින නොසන්සුන්කාරී වාතාවරණය සමනය කිරීම වෙනුවෙන් පවත්වනු ලබන මෙම සාකච්ඡාවල සාර්ථකත්වය පිළිබඳව නිල ප්‍රකාශයක් ඉදිරි දින කිහිපය ඇතුළත නිකුත් කිරීමට ඉඩකඩ පවතින බවද රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත.














