එළැඹෙන වෙසක් උත්සවයට සමගාමීව මේ වන විට දිවයින පුරා දන්සැල් 2,388ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම මස මුල සිට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල (MOH) මට්ටමින් මෙම දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව එළැඹෙන මැයි 29 වනදා දක්වාම දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරේ.
වෙසක් උත්සවය වෙනුවෙන් දන්සැලක් පැවැත්වීමට අපේක්ෂා කරන සංවිධායකයින් සිටී නම්, මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව උදෙසා අදාළ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් මාලාවන් නිසි පරිදි ලබාගැනීමට හැකි ඉක්මනින් ලියාපදිංචි වන ලෙසද ලේකම්වරයා වැඩිදුරටත් දන්වා සිටියි.














