හවායි හි බිග් අයිලන්ඩ් (Big Island) දූපතේ හොනාවුනාවු-නපූපු (Honaunau-Napoopoo) ප්‍රදේශය ආසන්නයේ රික්ටර් මාපකාංක 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) ප්‍රකාශ කර තිබේ.කිලෝමීටර 23ක් පමණ ගැඹුරින් සිදුවූ මෙම භූමිකම්පාව හවායි, මාවුයි (Maui) සහ ඕආහු (Oahu) යන දූපත්වලටද තදින්ම දැනී ඇතත්, මේ හේතුවෙන් සුනාමි අනතුරක් ඇතිවීමේ ප්‍රවණතාවක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. එසේම සිද්ධියෙන් ජීවිත හෝ දේපළ හානි සිදුවූ බවට මෙතෙක් වාර්තා වී නොමැත.ලොව වඩාත්ම සක්‍රීය ගිනිකඳු අතරින් එකක් වන බිග් අයිලන්ඩ් දූපතේ පිහිටි කිලාවෙයා (Kilauea) ගිනිකන්ද, මෙම භූමිකම්පාවත් සමඟ යළි සක්‍රීය වීමේ අවදානමක් පවතීද යන්න පිළිබඳව හවායි ගිනිකඳු නිරීක්ෂණාගාරය (HVO) මේ වන විට දැඩි අවධානයෙන් පසුවේ. මෙම ගිනිකන්ද 2024 දෙසැම්බර් 23 වැනිදා සිට වරින් වර විදාරණය වෙමින් පවතින අතර, පුරෝකථන මාදිලිවලට අනුව එහි මීළඟ ගිනිකඳු විදාරණය මැයි 24 සහ මැයි 27 අතර කාලය තුළ සිදුවනු ඇතැයි එම ආයතනය මීට පෙර නිවේදනය කර තිබුණි.














