අධික වර්ෂාපතනය හේතුවෙන් වටගොඩ සහ ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථාන අතර උඩරට දුම්රිය මාර්ගයේ සැතපුම් 123 අසල ප්‍රදේශයට සිදුව තිබූ දැඩි හානි කඩිනමින් පිළිසකර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නානුඔය මාර්ග අංශයේ නිලධාරීන් සහ සේවකයින් විසින් මෙලෙස විනාශයට පත්ව තිබූ දුම්රිය මාර්ග කොටස සම්පූර්ණයෙන්ම පිළිසකර කර අවසන් කර ඇති බව වාර්තා වේ.














