රාජපක්ෂ පවුලට ඉදිරියේදී ඉතිරි වී ඇත්තේ තෝරාගැනීම් තුනක් පමණක් බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා ප්‍රකාශ කර තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ රාජපක්ෂවරුන් එක්කෝ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගිය මාවත (රිය අනතුරකින් මියයාම) නැතහොත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ගිය මාවත (අත්අඩංගුවට පත්වීමට නියමිතව සිටියදී සැකකටයුතු ලෙස නිවස තුළ මියයාම) තෝරාගත යුතු බවයි. නොඑසේ නම් සනත් නිශාන්තගේ සොහොයුරු ජගත් සමන්ත මෙන් (අධිකරණයෙන් වසර පහමාරක සිරදඬුවම් නියම වීම) සිරගෙය තෝරාගැනීමට ඔවුන්ට සිදුවන බවද ඔහු අවධාරණය කරයි.මෙම අරගලය කිසිදු පෞද්ගලික කෝන්තර පිරිමැසීමක් නොවන බවත්, දූෂණයට හා අසාධාරණයට එරෙහිව ජනතාව යුක්තිය උදෙසා ආරම්භ කළ සටනක් බවත් පවසන චමීර පෙරේරා, එය අවසාන කෙළවර දකින තුරු කිසිසේත්ම අත්නොහරින බවද වැඩිදුරටත් සඳහන් කර සිටියි.














